May 13, 2026

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධික‍ාරී ශානි අබේසේකර, නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කරන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කර තිබේ.

අදාළ නියෝගයට අනුව මෙම උසස්වීම ලබා දී ඇත්තේ 2026 වසරේ අගෝස්තු මස 25 දින සිට බලපැවැත්වෙන පරිදිය.

එමෙන්ම වැඩ තහනමට ලක් වූ දින සිට මේ දක්වා ඔහුට අහිමි වූ සියලුම හිඟ වැටුප් සහ දීමනා ගෙවීමටද පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය නියෝග කර තිබේ.