May 13, 2026

කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගයේ පොල්ගහමුල්ල පෞද්ගලික ඇඟලුම් කම්හල අසල දික්වැල්ල ප්‍රදේශයේදී පාසල් ප්‍රවාහන බස් රථයක් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.

අද (13) උදෑසන මෙම අනතුර සිදුවී ඇත.

පාසල් සිසුන් රැගත් පාසල් ප්‍රවාහන බස් රථය සිද්ධිය වන අවස්ථාවේ හම්බන්තොට සිට අම්බලන්තොට දෙසට ගමන් කරමින් සිටි අතර, ශ්‍රී ලංගම බස් රථය කතරගම දෙසට ගමන් කරමින් තිබී ඇත.

සිදුව ඇති තුවාල සහ හානි ප්‍රමාණය පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් තහවුරු කර නොමැති බව බලධාරීන් ප්‍රකාශ කර තිබේ.