May 13, 2026

මහාචාර්ය සුනිල් ශාන්ත සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයෙන් ඉවත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාලයේ ඉදිරි කටයුතු සඳහා නව පරිපාලන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

කෙසේවෙතත්, ඉවත් කිරීමට හේතුව තවමත් නිල වශයෙන් අනාවරණය කර නොමැත.

එසේම තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් මහාචාර්ය සුනිල් ශාන්තට මෙතෙක් ලැබී නොමැති බව ද වාර්තා වේ.