May 13, 2026

කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ බිරිඳ වන ප්‍රියංගා අනුෂ්කා විජේනායක අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් මෙසේ සඳහන් කර ඇත.

“කපිල චන්ද්‍රසේන විවාහ වුණේ මගේ නැගණිය සමඟ. විවාහ වී වසර 24 ක් පමණ වෙනවා. මගේ නැගණිය දැන් ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. කපිල තනිවම මෙහි ජීවත් වුණා. කපිල නිතරම අපි ගෙදරට යන එන කෙනෙක් නෙවෙයි. අවුරුදු දහයකට හතර සැරයක් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇප ලැබුණට පස්සේ කපිල දවල් අපේ ගෙදර ආවා. මම ආහාර ලබාදුන්නා. වෝටර් මෙලන් ජූස් දෙකක් බිව්වා. ලම්ප් රයිස් බත් පැකට් එකක් දුන්නා. කිරි කෝපි එකක් හදලා දුන්නා. එතකොට දවල් 2.00 ට විතර ඇති. ඊට පස්සේ එයාගේ ගෙදරට ගියා.” යනුවෙන් පැවසුවා.

වැඩිදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකාරිය ” පසුදා සවස ආයේ කපිල අපේ ගෙදර ආවා. මගේ ස්වාමිපුරුෂයා අරවින්ද කිව්වා ලෝයර්ලා හම්බවෙන්න යන්න ලෑස්ති වෙන්න කියලා. අපි රාත්‍රී 7.00 පමණ ලෝයර් හම්බෙන්න ගියා. රෑ වෙලා නිසා එනකොට කෑමත් අරගෙනයි ආවේ. කපිල උඩ තට්ටුවේ හිටියා. කපිල අපේ නිවසට ආවට පස්සේ කවුරුත් අපේ නිවසට ආවේ නෑ. රාත්‍රී 11.00 ට පමණ මම පුතා එක්ක නින්දට ගියා. කපිල හිටියේ ලොකු පුතාගේ කාමරේ. පසුදා උදේ හතරට පමණ මම අවදි වුණා. අරවින්ද කතා කරලා කිව්වා ලෝයර් ඇවිල්ලා ඉන්නවා තේ එකක් හදලා දෙන්න කියලා. පස්සේ කපිල ආවේ නෑ. මම ලෝයර් එක්ක ගිහිල්ලා කාමරේ තට්ටු කලා. දොර ඇරියේ නෑ. පස්සේ මාස්ටර් කී එක අරන් ඇවිල්ලා මම දොර ඇරියා. දොර ඇරලා අඩියයි තිබ්බේ. ඇඳේ කවුරුත් හිටියේ නෑ. පුටුව බාත්රූම් එක පැත්තට හරවලා තිබුණා. ලෝයර් කිව්වා එළියට යමු කියල. පස්සේ hospital එකට කෝල් කලා. ඇම්බියුලන්ස් එකෙන් ඇවිල්ල ඩොක්ටර් පරීක්ෂා කලා. පසුව තමයි දැනගත්තේ මැරිලා කියලා.”

පොලිසිය මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකාරිය කියා සිටියේ මෙම මරණය සම්බන්ධයෙන් තමන් තුළ සැකයක් නොමැති බවයි.