May 12, 2026

ගාල්ල, දංගෙදර , ඩික්සන් හන්දිය ප්‍රදේශයේ අද උදෑසන වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා විය.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පසුව මිය ගොස් තිබේ.

ඩික්සන් හන්දිය ප්‍රදේශයේදී අද (12) උදෑසන 7.30ට පමණ මෙම වෙඩි තැබීමේ සිද්ධිය වාර්තා විය.

පොලිසියට අනුව, මෝටර් රථයකින් පැමිණි ප්‍රහාරකයකු විසින් මියගිය පුද්ගලයාට වෙඩි තබා ඇති අතර පසුව ප්‍රතිකාර සඳහා ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි.