
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙමළ සිනමාවේ නළුවෙකු මෙන්ම දේශපාලනඥයෙකු ද වන විජේ තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට ඔහුගේ බිරිඳ සහ දරුවන් සහභාගී නොවීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
එහිදී ඇතැම් රසිකයන් ප්‍රකාශ කර තිබුණේ එම අවස්ථාව අසම්පූර්ණ එකක් සේ දැනුණු බවයි.
“තලපති” ලෙස ජනප්‍රිය, තමිලග වෙට්රි කසාගම් (TVK) පක්ෂයේ නායක විජේ, චෙන්නායි හි පැවැති උත්කර්ෂවත් උත්සවයකදී සිය ධුරයේ දිවුරුම් දුන්නේය.
මෙම ඓතිහාසික අවස්ථාවේදී ඔහුව දිරිමත් කිරීම සඳහා ඔහුගේ මවුපියන් වන සෝබා චන්ද්‍රසේකර් සහ එස්. ඒ. චන්ද්‍රසේකර්, සමීප මිතුරන්, පක්ෂ නායකයින් සහ ආධාරකරුවන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
විජේ පෙම්වතිය ලෙස කටකතා පැතිර යන ප්‍රකට නිළි ත්‍රිෂා ක්‍රිෂ්ණන් ද මෙම උත්සවයට සහභාගී වී සිටිනු දක්නට ලැබුණි.
කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ වැඩිම අවධානයක් යොමු වූයේ විජයිගේ බිරිඳ වන සංගීතා සෝර්නලින්ගම් සහ ඔවුන්ගේ දරුවන් වන ජේසන් සංජේ සහ දිව්‍යා සාශා මෙම අවස්ථාවට සහභාගී නොවීම කෙරෙහිය.
බොහෝ දෙනෙක් විජේ සහ ත්‍රිෂා ක්‍රිෂ්ණන් අතර ඇති සබඳතාවය පිළිබඳව ද සාකච්ඡා කළහ.
ඒ, මොවුන් දෙදෙනා නිතරම ප්‍රසිද්ධියේ එකට පෙනී සිටීම හේතුවෙන් ඔවුන් අතර ප්‍රේම සබඳතාවයක් පවතින බවට දිගු කලක සිට කටකතා පැතිර තිබීම නිසාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart