May 12, 2026

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානා­ය­ක්කාරගේ වත්කම් බැර­කම් සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් ආරම්භ කළ බව නීති­වි­රෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අසංග එස්. බෝද­ර­ගම හමුවේ ඊයේ (11) දැනුම්දුන්නේය.

‘අල්ලස, දූෂ­ණය හා නාස්ති­යට එරෙහි පුර­වැසි බලය’ සංවි­ධා­නයේ කාමන්ත තුෂාර විසින් සිදුකළ පැමි­ණි­ල්ල­කට අනුව මෙම විම­ර්ශන ආරම්භ කර ඇත.

2011, 2013, 2015 සහ 2022 යන වස­ර­ව­ලට අදා­ළව වත්­කම්-බැර­කම් ප්‍රකාශ ඉදි­රි­පත් කර නැතැයි නීතිවි­රෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට දැනුම්දුන්නේය.

හිටපු අමා­ත්‍ය­ව­ර­යාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරී­ම­ටත්, ඒ සම්බ­න්ධ­යෙන් අවශ්‍ය නියෝග ලබාදෙන ලෙසත් කළ ඉල්ලී­මට අධි­ක­ර­ණ­යෙන් අව­සර ලැබිණි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර විම­ර්ශන පවත්වා අධි­ක­ර­ණ­යට වාර්තා කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය.