
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදුලි බිල වැඩිවන බවට විපක්ෂය පුරෝකථනය කරන අවස්ථාවේ ආණ්ඩු පාර්ශවය ප්‍රකාශ කළේ විදුලි බිල අඩුකරන බව යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ එහෙත් අද සිදුවන්නේ එය නොවන බවයි.
පවතින ගැටලුව වන්නේ සැබෑ ස්වරුපය ජනතාවට හෙළිනොකිරීම බව ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
විදුලි ජනනයේ වියදම වැඩිවන්නේ නම්, අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ගිවිසුමට අනුව පිරිවැය පිළිබිඹු කෙරෙන මිල සංශෝධන සිදුකළ යුතුව ඇතැයි ද ඔහු එහිදී පෙන්වා දුන්නේය.
”මේකෙ සැබෑ ස්වරූපය වන්නේ අපි ජනනය කරන වියදම වැඩි වුනොත් ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග පවතින ගිවිසුම අනුව වියදම දරණ විදිහෙ විකිණීමේ ස්වරූපයක් තමයි පාවිච්චි කරන්නේ. ඉතිං ඒ නිසා අනිවාර්යයෙන්ම බිල වැඩිවෙනවා. අපි එදා කිව්වා කරුණාකරලා ස්වභාවධර්මයෙන් අපිට ලැබිලා තියෙන දායාදය තුළ පුලුවන් තරම් අපට අපේ විදේශ විනිමය ආරක්ෂා කරන්න, අපේ රුපියල ආරක්ෂා කරන්න. මේවා මේ ලංකාවෙම පුනර්ජනනයට උදව් කරන්න කියලා. ‘නෑ අපිට ඕනේ නෑ’ කියලා කරපු එකේ ප්රතිවිපාකෙ තමයි පේන්න තියෙන්නේ. ඉතිං දැන් මැදපෙරදිග ප්‍රශ්නෙ එන්න ඉස්සෙල්ලා බාල ගල් අඟුරු ගෙනඒමේ තුළ ඇතිවන දේ මම හිතන්නේ විවාදය තුළ සහ ඇමතිගේ අස්වීම තුළ ඔක්කොම හෙළිදරව් වෙලත් තියෙනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart