
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් ආණ්ඩුව බලයට පත්වුණේ රාජ්‍ය කළමනාකරණයේ පවතින අඩුපාඩු නිවැරදි කරන බවට පොරොන්දු ලබා දෙමින් වුවද තවදුරටත් එම ක්ෂේත්රයේ දුර්වලතා පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා කියා සිටියේ ”හැබැයි ආණ්ඩුව අඬබෙර ගහපු තරමට අද වැඩ කරගන්න බැරිවෙලා” යනුවෙනි.
”මේකෙ දුර්වලතා තියෙනවා. දැන් ආවේ ඔක්කොම නිවැරදි කරන්න කියලනේ. හැබැයි මේකෙ එදා ඉඳලම කිව්වේ මේ දේශපාලනඥයෝ නෙමෙයි හැම දේකටම ඇඟිලි ගහන්නේ කියලා. එදා ඉඳලම මේකෙ තියෙනවා දුර්වලතා.”
” ඒවා නිවැරදි කරන්න ඕනේ. නමුත් අන්තිමට අද පරිපාලනේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හැමකෙනාම බයයි යමක් කරන්න. දැන් ඒක තුළ හෙළිදරව් වී ගෙන යනවා. දැන් මේ හතර පහක් ඇවිල්ලා තියෙන්නේ. තව ගණනාවක් තියෙනවා. ඒක තමයි මට මුදල් අමාත්‍යංශයේ අවංකව කටයුතු කරන කට්ටිය මට දැනුවත් කරලා තියෙන්නේ. මම හිටපු ඇමතිවරයෙක් වශයෙන් හිටපු මුදල් ඇමතිවරයෙක් වශයෙන් මම දන්නවා කොයිතරම් අමාරුද කියලා.”
”ඒක නිකං ඔහේ ගින්නක් පත්තු කරලා ගිනි නිවන හමුදාවකට ඇවිල්ලා වැඩේ කරන්න නෙමෙයි මට අවශ්‍ය. මට අවශ්‍ය වෙන්නේ රට හරි මාර්ගයට ගෙනියන්න. වැරදිම මේ කියපු අයව නිවැරදි ස්වරූපයට ගෙනල්ලා ජනතාවට ඇති වෙලා තියෙන බර අඩු කරන්න. අද විපක්ෂයේ හිටියා කියලා මේකෙ ස්වරූපය විකෘති කරන්න මම අකැමතියි.”
”අපිට හෙට ආණ්ඩුවක් ලැබුනොත් අපිට ගෙනියන්න තියෙන්නේ ඇත්ත මිසක බොරුවෙන් ප්‍රශ්න ඇති කිරීම නෙමෙයි. මේකෙ බර ඇද්දෙ ජනතාව, ආණ්ඩුවක් නෙමෙයි. ඒකයි එයාලට වෛරයක් ඇතිවෙලා තියෙන්නේ ” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart