
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනපදය හා ඉරානය අතර උත්සන්න වෙමින් පවතින නොසන්සුන්තාව මධ්‍යයේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා (Fujairah) තෙල් කර්මාන්ත කලාපයට ඉරානය එල්ල කළ ප්‍රහාරය ඉන්දියාව හෙළා දැක ඇත.
මෙම ප්‍රහාරයෙන් ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මෙම ප්‍රහාරය “පිළිගත නොහැකි” බව ප්‍රකාශ කළේය.
ඇමරිකාවේ ප්‍රධාන මිත්‍ර රාජ්‍යයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අප්‍රේල් මස මුලදී ඇති කරගත් තාවකාලික සටන් විරාමයෙන් පසුව ප්‍රථම වතාවට ඉරානය තමන්ට ප්‍රහාර එල්ල කළ බව පැවසීමෙන් අනතුරුව ඉන්දියාව මෙම ප්‍රකාශය සිදු කර ඇත.
“ඉන්දීය ජාතිකයන් තිදෙනෙකුට තුවාල සිදු වූ ෆුජයිරා ප්‍රහාරය පිළිගත නොහැකියි. මෙම සතුරු ක්‍රියා මෙන්ම සිවිල් යටිතල පහසුකම් සහ අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර ගැනීම වහාම නවත්වන ලෙස අපි ඉල්ලා සිටිනවා,” යැයි අමාත්‍යාංශ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පැවසීය.
පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා නවදිල්ලිය දිගින් දිගටම සාකච්ඡා සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග වෙනුවෙන් පෙනී සිටින බවත්, එමගින් මැදපෙරදිග පුරා සාමය සහ ස්ථාවරත්වය යළි ස්ථාපිත වනු ඇති බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart