May 5, 2026

මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම ධුරය දරන අවස්ථාව වනවිට ද්විත්ව පුරවැසියෙක් නොවන බව රජය වගකීමෙන් ප්‍රකාශ කරන්නේයැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කිසිවකුට හෝ කිසියම් ගැටළුවක් ඇත්නම් අධිකරණය හමුවේ අභියෝග කළ හැකි බවයි.

එසේම ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් කිරීමට රජයට අවශ්‍යතාවක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.

එම ධුරය වෙනස් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා නොකළ බව ද අමත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.