May 5, 2026

ආනයනික වියළි මිරිස් තොග තුළ සඟවා වියළි කහ තොගයක් නීති විරෝධී ලෙස රැගෙන ඒමට ගත් උත්සාහයන් දෙකක් ශ්‍රී ලංකා රේගුව විසින් ඊයේ (04) අනාවරණ කරගෙන තිබේ.

එක් සිද්ධියකදී මහනුවර පදිංචි ව්‍යාපාරිකයකු විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද වියළි මිරිස් තොගයක සඟවා තිබූ වියළි කහ කිලෝග්‍රෑම් 6,600ක් නිලධාරීන් විසින් සොයා ගෙන තිබිණි.

ඊයේ සිදු කරන ලද තවත් මෙහෙයුමකදී, බදුල්ලේ ව්‍යාපාරිකයකු විසින් ආනයනය කරන ලද තවත් වියළි මිරිස් තොගයක් තුළ සඟවා තිබූ වියළි කහ කිලෝග්‍රෑම් 7,110ක් ද රේගු නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.

මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතය.