
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව ප්‍රමුඛතම චිත්‍රපට සම්මාන උලෙළ වන ඔස්කාර් සම්මාන උලෙළේ දී සම්මානයක් ලැබීමට අදාළ වන නීතිරීති සඳහා ඇකඩමි සම්මාන සංවිධායකයන් සිකුරාදා නව නීතියක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව කර්මාන්තයේ ඉහළම ගෞරව සඳහා සුදුසුකම් ලැබීමට රංගනය සහ ලිවීම මිනිසුන් විසින්ම සිදු කළ යුතු බවත්, කෘත්‍රිම බුද්ධිය මගින් එය සිදු නොවිය යුතු බවත් අදාළ නීතිය යටතේ පැහැදිලි කර ඇත.
මෙම වෙනස්කම් 2027 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත ඊළඟ ඔස්කාර් සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කරන නිර්මාණ සඳහා අදාළ වේ.
පිරිවැය අඩු කිරීම සඳහා සේවකයන් ප්‍රතිස්ථාපනය කිරීමට ස්ටුඩියෝ තාක්ෂණය භාවිත කරනු ඇතැයි සේවකයන් බිය වන බැවින්, AI උත්පාදක නිර්මාණ චිත්‍රපට සහ රූපවාහිනී ව්‍යාපාරය සඳහා අනතුරු ඇඟවීමක් ඇති කර තිබේ.
ටිලී නෝර්වුඩ් ලෙස නම් කරන ලද AI-ජනනය කරන ලද ‘නිළියක්’ පසුගිය වසරේ පළමු වරට හඳුන්වා දී තිබූ අතර, එහි නිෂ්පාදකයා පුරසාරම් දොඩා තිබුණේ ඒ සඳහා ස්ටුඩියෝ විධායකයන් උනන්දුවක් දක්වන බව සඳහන් කරමිනි.
එය ක්ෂේත්‍රයේ කණස්සල්ලට හේතු වූ අතර SAG-AFTRA නළු සංගමය ද ප්‍රතිචාර දක්වා තිබිණි.
ඇකඩමි සම්මාන උලෙළේ නව නීති යටතේ, චිත්‍රපට නිෂ්පාදකයන්ට AI මෙවලම් භාවිත කළ හැකි නමුත් නෝර්වුඩ් වැනි කෘත්‍රිම නළු නිළියන් ඔස්කාර් සම්මානයක් සඳහා නුසුදුසු වනු ඇතැයි කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
තිර රචනා සලකා බැලීමට නම් ඒවා ‘මිනිස් කර්තෘත්වයෙන්’ නිර්මාණය කළ යුතු බව එහි සඳහන් විය.
නිර්මාණ මිනිසුන් විසින් නිර්මාණය කරන ලද්දක් දැයි සත්‍යාපනය කිරීම සඳහා අමතර තොරතුරු ඉල්ලා සිටිය හැකි බව නීතිරීතිවල සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart