
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ මධ්‍යසාර පරිභෝජනය ඉහළ යමින් පවතින බව සංඛ්‍යාලේඛන මගින් පෙනීගොස් ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
2025 වසරේ දත්ත මත පදනම්ව, දේශීය බියර් නිෂ්පාදනය 5%කින් සහ මත්පැන් නිෂ්පාදනය 17%කින් ඉහළ ගොස් ඇති අතර, එමඟින් මධ්‍යසාර පරිභෝජනයේ අනුරූප වැඩිවීමක් පෙන්නුම් කරන බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
2024 ආරම්භයේදී සිදු කරන ලද වෙනසෙන් පසු මධ්‍යසාර මිල සංශෝධනයක් නොමැතිකම මෙම ප්රවණතාවට ප්‍රධාන සාධකයක් වී ඇති බව ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත.
එම මධ්‍යස්ථානයට අනුව, උද්ධමනය සහ පුපෞලික ආදායම් ඉහළ යෑම නොතකා මධ්‍යසාර මිල ස්ථාවරව පැවතීම මිලදී ගැනීමේ ශක්තිය සැළකිව යුතු ලෙස වැඩි කර ඇති අතර එය පරිභෝජන මට්ටම් ඉහළ යෑමට දායක වේ.
මෙම කාලය තුළ සුරාබදු ආදායම යම් වැඩිවීමක් පෙන්නුම් කර ඇති අතර, මධ්‍යසාර පරිභෝජනය ඉහළ යෑමේ සමාජීය හා සෞඛ්‍යමය බලපෑම් බදු ආදායමේ ලාභවලට වඩා වැඩි බවට එම මධ්‍යස්ථානය අනතුරු ඇඟවීය.
2023 දී මධ්‍යසාර බද්දේ 20%ක වැඩිවීම 2022ට සාපේක්ෂව මධ්‍යසාර අලෙවිය ලීටර් මිලියන 8.3කින් අඩු කිරීමට හේතු වූ අතර රජයේ බදු ආදායම රුපියල් බිලියන 11.6කින් ඉහළ ගොස් ඇති බව ද මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය අවධාරණය කළේය.
ඒ හා සමානව, 2024 ආරම්භයේදී මත්පැන් සඳහා බදු තවත් 20%කින් වැඩි කිරීමෙන් පසුව, මත්පැන් අලෙවිය පෙර වසරට සාපේක්ෂව ලීටර් 430,000කින් පහත වැටුණු අතර, බදු ආදායම රුපියල් බිලියන 42.15 දක්වා වැඩි වූ බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart