May 3, 2026

ගම්මන්පිල පොත ලියද්දි ලේඛන ගණනාවක් කියෙව්වා කිව්වට එයාට නොපෙනුණ ඒවත් තිබ්බා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වෙච්ච ගමන් පැය 24ක් ඇතුළත මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කමිටුවක් පත්කළා. එහි සභාපති විජිත් මලල්ගොඩ විනිසුරුවරයා. සෙසු සාමාජිකයන් වුණේ කීර්තිමන් පොලිස්පතිවරයෙක් වන එන් කේ ඉලංගකෝන් මහතා සහ පරිපාලන නිලධාරියෙක් වූ පද්මසිරි ජයමාන්න මහතා.

ඔවුන් තුන්දෙනාම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්කි දුන්නා. දෙද්දි එන් කේ ඉංග කෝන් මහතා කිව්ව දෙයක් තමයි මේ.

“නිලන්ත 09 වැනිදා කතා නොකරපු එකේ මෙහෙම කාරණාවකුත් අපට පෙනුණා. සහරාන් සම්බන්ධයෙන් DMI එකේ ස්ථාවරයක් තිබුණා, සහරාන් ඉන්දියාවට ගියා කියලා. මේගොල්ලෝ ඒක deny කළා. සහරාන්නේ පහරදීම කරනවා කියලා කියන්නේ. මේ සහරාන් ගැනත් පොඩි පොඩි මත තිබුණා.”

ඉලංගකෝන් මහත්තයා මේ සාක්කිය දෙන්නේ 2019 අප්‍රේල් 04 වැනිදා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට ලැබුණු නුදුරේදීම සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් කිතිණු දේවස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීම ගැන තොරතුර 2019 අප්‍රේල් 09 වැනිදා ආරක්ක්ෂක අංශ ප්‍රධානීන් රැස්වෙන බුද්ධි සමාලෝචන රැස්වීමේදී කතා නොකිරීම ගැන තමන්ගේ නිරීක්ෂණය සඳහන් කරමින්. ඒ කියන්නේ ඒ රැස්වීමෙදි යුද හමුදා බුද්ධි අංශයත් හිටියා, යුද හමුදා බුද්ධි අංශය හිටියේ සහරාන් ඉන්දියාවේ ඉන්නේ කියන අදහසක කියලා.

සහරාන් ලංකාවේ කොළඹට ආසන්න ප්‍රදේශවල සිටිමින් ප්‍රහාරයක් සැලසුම් කරමින් ඉද්දි ඇයි යුද හමුදා බුද්ධි අංශ සහරාන් ඉන්දියාවේ ඉන්නවා කියලා අදහසක හිටියේ? ඒ කාලේ සුරේෂ් සලේ නම් ඉන්දියාවෙයි හිටියා කියන්නේ.

හමුදා බුද්ධි අංශවලට සුරේෂ් සලේ සහ සහරාන් කියන දෙන්නව පැටළිලාවත්ද?

(උපුටාගැනීම – තරිඳු ජයවර්ධනගේ ෆේස්බුක් පිටුවෙන්)