
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊමේල් හැක්කිරීමකට සම්බන්ධ භාණ්ඩාගාරයේ සිදුවූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක කොල්ලය සම්බන්ධයෙන් විමර්ශනය පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා විමර්ශකයන් එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සමග සම්බන්ධ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු(CID) වාර්තා සඳහන් කරයි.
ඊමේල් හැක්කිරීම සහ phishing attacks හඳුනාගැනීම සහ අවම කිරීම සඳහා විශේෂඥතාවක් ඇති එක්සත් ජනපදය පදනම් කරගත් සයිබර් ආරක්ෂණ සමාගමක් ද සම්බන්ධ කරගෙන ඇති බව CIDය හෙළිකරයි.
“වංචනික ඊමේල් ආරම්භ වූයේ කොහෙන්ද, භාණ්ඩාගාරයෙන් වංචනික ලෙස හරවා යවන ලද අරමුදල් ඇත්තේ කොතැනද සහ වංචාව පිටුපස සිටියේ කවුරුන්ද යන්න අපට තවමත් දැනගන්නට ලැබී නැත. මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ද මෙම තොරතුරු තවමත් නොදන්නා බව දැනගන්නට ඇත” යැයි CID නිලධාරියෙක් Sunday Times වෙත සඳහන් කර ඇත.
ඕස්ට්‍රේලියානු බලධාරීන් ද ශ්‍රී ලංකා බලධාරීන්ට සහාය වෙමින් විමර්ශනය අන්තර්ජාතික පරීක්ෂණයක් බවට පත්ව ඇති බව ඔහු පැවසීය.
ජනවාරි මාසයේදී හැක්කිරීම පිළිබඳව තම පාර්ශ්වය දැන සිටි බව මුදල් අමාත්‍යාංශය පිළිගෙන ඇතත්, මුදල් අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල්වරයකු විසින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) වෙත පළමු පැමිණිල්ල ගොනුකර ඇත්තේ මාර්තු 28 වැනි දින බව වාර්තා වන අතර, පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ ඉන් පසුවය.
භාණ්ඩාගාර වාර්තා හෙළිකර ඇත්තේ, වෙනත් රටවලට ණය ආපසු ගෙවීමට අදාළ සමහර ලියකියවිලි ද අපරාධකරුවන් විසින් හැක්කර හෝ පිටපත් කර ඇති බවට දැඩි සැකයක් පවතින බවයි.
අරමුදල් මාරුකිරීමට පෙර ඊමේල් සහ අනෙකුත් අදාළ තොරතුරු හොඳින් පරීක්ෂා කරන ලෙස අදාළ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පැහැදිලි මාර්ගෝපදේශ ලබා දී ඇති බවද භාණ්ඩාගාර වාර්තා සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය විමර්ශනයේ කොටසක් ලෙස, පසුගිය මාස කිහිපය තුළ සිදුකරන ලද ගනුදෙනු පිළිබඳ දත්ත සිය භාරයට ගෙන ඇති බව නිලධාරියා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart