May 2, 2026

බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා එල්ලවන, අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබාගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් උපුතාඅ දක්වමින් ‘ද ලීඩර්’ වෙබ් අඩවිය වාර්තා කරයි.

අනතුරුව සිදුවීමට අදාළ යැයි කියන පෙදෙසේ ස්ථානීය පරීක්ෂාවක් කළ බව ද එම නිලධාරියා සඳහන් කර ඇත.

අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන තොරතුරුවලට අනුව, මව මුදල් ලබාගෙන ඊට හිලව්වට තමා මෙසේ අපයෝජනය සඳහා ලබා දුන් බවට වින්දිත දැරිය පොලිසියට කළ ප්‍රකාශ අනුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

අදාළ හිමිනමට අමතරව ව්‍යාපාරිකයකුට ද මුදල් ලබාගෙන තමා මෙසේ අපයෝජනයට ලබා දුන් බව දැරිය පවසා තිබේ.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් තමාට වාර්තාවක් සපයන ලෙස කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා පෝල්රාජ් නිලධාරීන්ට නියෝග කර ඇත.