May 2, 2026

ඊයේ (1) මාලිගාවත්තේ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේ පැවති සමගි ජන බලවේග මැයි දින රැලියේදී අවුල්සහගත සිදුවීම් රැසක් වාර්තා විය.

ඒ අතරින් ප්‍රධාන සිදුවීමක් වූයේ, සජබ නායක සජිත් ප්‍රේමදාස සිය කතාව ආරම්භ කිරීමත් සමග එතෙක් ක්‍රීඩාංගනයේ වේදිකාව ඉදිරිපිට සකස්කර තිබූ ශාලාවේ රැඳීසිටි විශාල පිරිසක් සිය අසුන්වලින් නැගිට පිටව යෑමයි.

සංවිධායකයන්ටද එම තත්වය පාලනය කරගැනීමට නොහැකි බව පෙනෙන්නට තිබිණි.

එසේම, සමගි ජන බලවේගය මැයි දින රැලිය ආවරණය කිරීමට පැමිණ සිටි ජනමාධ්‍යවේදීන්ටද සුපුරුදු වාර්තාකරණයේ යෙදීමට අවසර නොලැබුණු අතර ඔවුන් පළවා හරින ලදී.

අතීතයේ දී ජනමාධ්‍යයට සෑම විටම ඉදිරියෙන් රැඳී සිටිමින් සියලුම රැලි ආවරණය කිරීමට අවසර දී තිබුණද, අද තත්ත්වය වෙනස් වූයේ, ජනමාධ්‍ය පසුපසට පළවාහරින ලද බැවිනි.

ජනමාධ්‍යවේදීන්, විශේෂයෙන් ඡායාරූප ශිල්පීන් මීට එරෙහිව විරෝධතාවයේ නිරත වනු දැකගත හැකිවිය.