
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය මාසයේදී මාලදිවයිනේ ජනාධිපතිවරයා පිළිබඳව ගවේෂණාත්මක වාර්තාවක් නිකුත් කිරීමෙන් අනතුරුව, අප්‍රේල් 27 වන දින මාලේ නුවර පිහිටි ‘අදදු’ (Adhadhu) මාර්ගගත පුවත් සේවයේ කාර්යාලය මාලදිවයින් පොලිසිය විසින් වටලා තිබේ.
එහි ප්‍රධාන විධායක නිලධාරියාට සහ කළමනාකාර කර්තෘවරයාට මාස තුනක විදෙස් ගමන් තහනමක් ද පනවා ඇතැයි වාර්තා වේ.
රජය විසින් මෙම වැටලීම සිදු කිරීම සහ මහජන යහපත උදෙසා වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන් අපරාධකරුවන් කිරීමට දරන උත්සාහය ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ) සහ එහි අනුබද්ධ ආයතනයක් වන මාලදිවයින් මාධ්‍යවේදීන්ගේ සංගමය (MJA) දැඩි ලෙස හෙළා දකී.
2026 මාර්තු 28 වන දින ‘අදදු’ (Adhadhu) පුවත් සේවය මගින් “අයිෂා” (Aisha) නමැති වාර්තා වැඩසටහන නිකුත් කිරීමෙන් අනතුරුව, මෙම වැටලීම සඳහා භාවිත කළ පොලිස් වරෙන්තුව මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 612(අ) වගන්තිය උපුටා දක්වා තිබිණි.
‘අදදු’ වාර්තා වැඩසටහන මගින් ඉදිරිපත් කර තිබුණේ, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු තමාට ලිංගිකව බලපෑම් කිරීමට සහ හිරිහැර කිරීමට තම බලය අනිසි ලෙස භාවිතා කළ බවට ජනාධිපති කාර්යාලයේ හිටපු සේවිකාවක් විසින් එල්ල කරන ලද චෝදනා වේ.
මෙම විමර්ශනය මාලදිවයින් පොලිසියේ බරපතල සහ සංවිධානාත්මක අපරාධ අංශය විසින් සිදු කරනු ලබන බවත්, රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය වූ මාධ්‍ය සාකච්ඡාවකදී ‘අදදු’ මාධ්‍යවේදියෙකු ජනාධිපති මුයිසුගෙන් මෙම චෝදනා පිළිබඳව ප්‍රශ්න කර ඔහුගේ ප්‍රතිචාරය විමසූ දිනම මෙම වැටලීම සිදු කළ බවත් මාලදිවයින් මාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව, විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් එම වාර්තා වැඩසටහනේ නිෂ්පාදන කණ්ඩායමට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවට චෝදනා එල්ල වේ.
වැටලීමේදී ‘අදදු’ ආයතනයේ විද්‍යුත් උපකරණ පොලිස් භාරයට ගත් අතර, ‘අදදු’ ප්‍රධාන විධායක නිලධාරී හුසේන් ෆියාස් මූසා සහ කළමනාකාර කර්තෘ හසන් මොහොමඩ්ගේ විදේශ ගමන් බලපත්‍ර ද රාජසන්තක කරන ලදී.
වැටලීම සිදුකරන අවස්ථාවේදී ‘අදදු’ ආයතනයේ හිමිකරුවන් සහ නීතිඥයන් එහි සිටි බවත්, වරෙන්තුව ක්‍රියාත්මක කළ පොලිස් නිලධාරීන්ට ඔවුන් පූර්ණ සහයෝගය ලබා දුන් බවත් මාලදිවයින් මාධ්‍යවේදීන්ගේ සංගමය වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart