May 1, 2026

ගැසට් කර තිබෙන උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අඛණ්ඩව කටයුතු කරමින් සිටී.

අක්කරපත්තුව, ප්‍රධාන වීදියේ පිහිටි වෙළෙඳසැළකට අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 100,000 ක දඩයක් නියම කෙරුණේ එසේ සිදුකළ වැටලීමකට අනුවය.

සිද්ධිය මෙසේය.

රජයේ ගැසට් නිවේදන අනුව කීරි සම්බා සහල් කිලෝ 1ක උපරිම සිල්ලර මිල (MRP) රුපියල් 260 කි.

එහෙත් මෙම වෙළෙඳසැල විසින් කීරි සම්බා කිලෝ 2 ක් රුපියල් 800 කට අලෙවි කර තිබේ.

එනම්, කිලෝ එකක් රුපියල් 400 බැගිනි.

එමඟින් නියමිත මිලට වඩා කිලෝ එකකට රුපියල් 140ක් වැඩිපුර අසාධාරණ ලෙස අයකර ගෙන තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සාර්ථකව සිදුකර ඇති අතර, අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, වරද පිළිගත් අදාළ වෙළෙඳසැල් හිමිකරුට අධිකරණය විසින් රු. 100,000 ක දඩ මුදලක් නියම කර ඇත.