
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැප්පෙටිපොළ බාලවයස්කාර පිරිමි දරුවන්ගේ පුනරුත්ථාපන පාසලේ අධීක්ෂණ නිලධාරියකු ඇතුළු සිව්දෙනෙකු අද (30) වැලිමඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එහි සිසුන් පිරිසකට පොලුවලින් පහර දීමේ චෝදනාව මත එම පාසලේ දරුවන්ට වෘත්තීය මාර්ගෝපදේශ ලබාදුන් කෝකියකු, විදුලි කාර්මිකයකු සහ පෙදරේරු උපදේශකයකු ද අත්අඩංගුවට ගත පිරිස අතර වේ.
විවිධ වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වූ වයස අවුරුදු 13 ත් 18 ත් අතර ළමුන් පුනරුත්ථාපනය කිරීම සඳහා මෙම පාසල පවත්වාගෙන යන බව වාර්තා වේ.
එම ස්ථානයේ සිටි සිසුන් පිරිසක් විසින් මෙහි සිදුවන අපයෝජන සහ පහරදීම් දරාගත නොහැකි බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දුරකථනයෙන් වාර්තා කර ඇත.
පැමිණිල්ලෙන් පසු, බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශයේ ළමා ආරක්ෂක ඒකකයේ නිලධාරීන්, පළාත් ළමා ආරක්ෂක නිලධාරීන් සහ වැලිමඩ පොලිසිය පාසලේ පරීක්ෂාවක් සිදුකර තිබේ.
සිසුන්ගෙන් සටහන් කරගත් ප්‍රකාශ මත පදනම්ව, සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart