April 30, 2026

භික්ෂූන් වහන්සේ නමක් විදේශගත වන්නේ නම් එහිදී බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යය පනවා ඇති නීති නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බව එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසයි.

භික්ෂූන් වහන්සේ නමක් විදේශගත වෙන්නේ නම් උන්වහන්සේගේ ගුරු ස්වාමින් වහන්සේ, ප්‍රාදේශීය නායක ස්වාමීන්වහන්සේ සහ උන්වහන්සේ නියෝජනය කරන නිකායේ මහනායක ස්වාමීන් වහන්සේලාගේ යම් නිර්දේශයක් ලබාගත යුතු බවට වැඩපිළිවෙලක් මීට පෙර පැවති බවත්, යම් යම් හේතු නිසා එම වැඩපිළිවෙල පසුගිය කාලයේ අක්‍රමවත්ව තිබූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව මින් ඉදිරියට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.

සියලු නිකායන් නියෝජනය කරන ලේඛකාධිකාරී හිමිවරු ජනාධිපතිවරයා සමග මේ සමබන්ධයෙන් පසු ගිය දිනක දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළ බවත්, එහිදී කාරණා ගණනාවක් සම්බන්ධයෙන් එකඟතාවයට පැමිණි බවත්, එහිදී විදේශගතවීමේ දී නායක මාහිමිපාණන් වහන්සේලාගේ අවසරය ලබාගැනීම අනිවාර්යය කාරණයක් ලෙස තීරණය කළ බවත් ඔහු සඳහන් කළේය.