
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වයස අවුරුදු 20ත් 49ත් අතර වයස් කාණ්ඩයේ පිරිස අතර පිළිකා වර්ග 11ක් ඉහළ යමින් පවතින බව නව අධ්‍යයනයකින් සොයාගෙන තිබේ.
ලන්ඩනයේ පිළිකා පර්යේෂණ ආයතනයේ (ICR) සහ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි විශේෂඥයන් විසින් නව අධ්‍යයනය සිදු කරන ලදී.
වයස අවුරුදු 50ට අඩු පුද්ගලයන් අතර මෙම පිළිකා වැඩිවීම පිටුපස තරබාරුකම සැළකිව යුතු සාධකයක් ලෙස මතුවෙමින් තිබෙන බව පර්යේෂකයෝ පැවසූහ.
මෙම පිළිකා වර්ග 11 වන්නේ තයිරොයිඩ්, බහු මයිලෝමා, අක්මා, වකුගඩු, පිත්තාශ, මහා අන්ත්‍ර, අග්න්‍යාශය, එන්ඩොමෙට්‍රියල්, මුඛ, පියයුරු සහ ඩිම්බකෝෂ පිළිකාය.
මුඛ පිළිකා හැර අනෙකුත් සියලුම පිළිකා 11 අධික බරට සම්බන්ධ බව පර්යේෂකයෝ පැවසූහ.
තරබාරුකම මෙම ප්‍රවණතාව සම්පූර්ණයෙන් පැහැදිලි නොකළ ද ඉන්සියුලින් මට්ටම ඉහළ යෑම හේතුවෙන් අධික බර හෝ තරබාරුකම තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව විද්‍යාඥයෝ විශ්වාස කරති.
තරුණ වැඩිහිටියන් තුළ බඩවැල් සහ ඩිම්බකෝෂ වැනි පිළිකා වැඩිවීම් පිළිබඳ මෑත වසරවලදී කණස්සල්ල වැඩි වෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart