April 18, 2026

එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ගෙන ගිය සමයේදී පවා රට ඇතැම් අර්බුධ සඳහා මුහුණ පෑව ද රජයක් ලෙස ජනතාව ගැන සිතා බලමින් ඔවුන්ට සහන ලබාදීමට එම රජයන් කටයුතු කළ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අතීතයේ පවා මතුවූ ආර්ථික ගැටලුවලට සාර්ථකව මුහුණ දුන් ආකාරය සම්බන්ධයෙන් පිළිබඳ වුව ද තමාට එකින් එක කරුණු මතක් කර දිය හැකි බවයි.

”අවුරුදු 04 ක් තිස්සේ රුපියල් 2700 කට තිබ්බ ගෑස් මිල රුපියල් 1351 ට නොලැබුනාද? සීනි මිල, පරිප්පු මිල, හාල් මිල පවා ඒ වගේම අඩුවුණේ නැද්ද? තෙල් මිල රුපියල් 162 ට ලීටරයක් තිබ්බහම ඒ වෙලාවෙදි ඒක රුපියල් 115 ට ගෙනත් දුන්නේ නැද්ද?”

”පාරිභෝගික භාණ්ඩ 10 ක මිල ස්ථාවර කරන්න කටයුතු කළේ නැද්ද? පාසල්වල 01 සිට 12 – 13 ශ්‍රේණි දක්වා සිසුන්ට රක්ෂණ ක්‍රමය හඳුන්වා දුන්නේ නැද්ද? විශ්ව විද්‍යාලවල ඉන්න අයට පොලී රහිතව ණය ලබාදුන්නේ නැද්ද?”

”වයෝවෘද්ධව ඉන්න කට්ටියට සියයට 15 ක යම් පොලී ප්‍රතිලාභයක් ලබාදෙන්න කටයුතු කළේ නැද්ද? ඒ වගේම සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට සියයට 4 – 5 ණය දීලා එයාලව හරි ආර්ථිකයකට ගෙනාවේ නැද්ද?” යනුවෙන් ජනමාධ්‍ය හමුවකදී ජනමාධ්‍යවේදීන්ගෙන් විමසූ මන්ත්‍රීවරයා පැවසුවේ එදා එලෙස කටයුතු කළ බැවින් අද නොබියව කතා කළ හැකි බවයි.