
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතලේ දිස්ත්රික් කාර්යාලය විසින් සිදුකරන ලද වැටළීමකට අනුව, කල්ඉකුත් වූ පානීය ජල බෝතල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට අලෙවි කළ දඹුල්ල ප්රදේශයේ අවන්හලකට අද (29) දඹුල්ල මහේස්ත්රාත් අධිකරණය විසින් රුපියල් 510,000 ක (පන්ලක්ෂ දසදහසක) දඩ මුදලක් නියම කර තිබේ.
රුපියල් 70 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ජල බෝතලයක් මොවුන් විසින් පාරිභෝගිකයන්ට අලෙවි කර ඇත්තේ රුපියල් 100 කට වන අතර, එම ජල බෝතල් කල්ඉකුත්ව ඇත.
මේ අතර,ඕනෑම පානයක් හෝ ආහාරයක් මිලදී ගැනීමට පෙර එහි කල් ඉකුත් වීමේ දිනය අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම්දෙයි.
එසේම භාණ්ඩවල සටහන් කර ඇති උපරිම සිල්ලර මිලට (MRP) වඩා වැඩි මුදලක් ගෙවීමෙන් වළකින ලෙසද එම අධිකාරිය ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart