
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විෂ මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී භික්ෂුන් පිරිසක් අත්අඩංගුවට පත්වීම සහ ඊට අදාළ විමර්ශන මෙන්ම, ඒ හමුවේ මතු වී ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගිත්වයෙන් අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මේ වන විට විෂ මත්ද්‍රව්‍ය උවදුර ජාතික ව්‍යසනයක් බවට පත්ව තිබීම මෙම සිදුවීම සමඟ මනාව තහවුරු වන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, එබැවින් විෂ මත්ද්‍රව්‍යවලට එරෙහිව රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ සමඟ සියලු දෙනා වඩා ශක්තිමත්ව අත්වැල් බැඳ ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
රට ආර්ථික සහ සමාජයීය වශයෙන් නව පරිවර්තනයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළෙහිදී සම්බුද්ධ සසුන සහ ඒ සමඟ ගොඩනැඟී ඇති හර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාව ලබා දී කටයුතු කිරීම රජයේ අභිප්‍රාය බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මුළු මහත් සමාජයම කම්පාවට පත්කරමින් සිදු වූ මෙම සිදුවීමට අදාළව මතුවී ඇති තත්ත්වය සහ විමර්ශන ක්‍රියාවලිය පිළිබඳ මෙහිදි පොලිස්පතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.
මෙම සිදුවීමට අදාළව මහානායක හිමිවරු මේ වන විටත් නිවේදනයක් නිකුත් කර තිබෙන අතර, එය සමස්ත සංඝ සමාජයේ පණිවිඩය ලෙස සලකා කටයුතු කරන ලෙස මෙහිදී මහා සංඝරත්නය රජයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
එමෙන්ම, වත්මන් ප්රවණතා සමඟ සංඝ සමාජය ආරක්ෂා කර ගැනීම භික්ෂු වහන්සේට පමණක් සිදුකළ නොහැකි බවත්, ඒ සඳහා රජයේ සහාය අවශ්‍ය බවත් උන්වහන්සේ පෙන්වාදුන්හ.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර මෙන්ම විහාර දේවාලගම් පනත ආදී පනත් සංශෝධනය සහ නෛතික ප්‍රතිපාදනවල සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද, ඓතිහාසික සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය පහමුනේ ශ්‍රී සුමංගල, පූජ්‍ය මහවෙල ශ්‍රී රතනපාල, පූජ්‍ය වෙලගෙදර ශ්‍රී සුමනජෝති , පූජ්‍ය ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද , පූජ්‍ය ආචාර්ය මුරුද්දෙණිය ශ්‍රී ධම්මරතන, පූජ්‍ය අත්තංගනේ රතනපාල, පූජ්‍ය අත්තංගනේ ශාසනරතන , පූජ්‍ය සුහදගම අනුරුද්ධ , ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරිසීවලී, නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය අහංගම මෛත්‍රීමූර්ති යන ස්වාමීන්වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, නීතිපති පාරින්ද රණසිංහ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන පිරිස සහ ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.(PMD)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart