April 28, 2026

අද දින පැලවත්තේ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ නිවස ඉදිරිපිටදී විරෝධතාකරුවන් පිරිසකට අසූචි ප්‍රහාරයක් එල්ල කිරීම ඒකාබද්ධ විපක්ෂය දැඩිලෙස හෙළා දැක තිබේ.

සාමකාමී විරෝධතාකරුවන්ට මිනිස් මළ මූත්‍ර, ගොම, කුණු වූ තක්කාලි සහ දල්වන ලද රතිඤ්ඤාවලින් පහරදුන් බවට වාර්තා වන මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය “සිය’පිළිකුල සහ කෝපය’ ප්‍රකාශ කරයි.

වංචා සහ පොදු සම්පත් අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳ චෝදනා හෙළිදරව් කිරීම වැළැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ‘මැරකම් සහ බිය ගැන්වීම්’ සිදු කරන බවටද ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

පොදු දේපළ විනාශ කිරීම සහ ඝාතන ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචණ්ඩකාරී අතීතය ද ඒකාබද්ධ විපක්ෂය සිහිපත් කරන අතර, නීත්‍යානුකූල මහජන විරෝධතා නිහඬ කිරීමට ගන්නා උත්සාහයන්ට එරෙහිව අනතුරු අඟවයි.

රටේ ධනය කොල්ලකෑමට එරෙහිව ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම දිගටම කරගෙන යන බව අවධාරණය කරන ඒකාබද්ධ විපක්ෂය, තමන් නිහඬ නොවන බවට ප්‍රතිඥා ලබාදෙයි.