
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පීඩාකාරී ඇමතුම්, කෙටි පණිවිඩ සහ තම දුරකථන අංක අනවසරයෙන් ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඉඩ සැලසෙන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ ඇති විධිවිධාන මේ වනවිට ශක්තිමත් කර ඇති බව පොලිසිය පවසයි.
2024 අංක 39 දරන පනත මගින් සංශෝධිත 1992 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 32 වැනි වගන්තිය යටතේ, සාධාරණ හේතුවක් නොමැතිව, කරදරයක් හෝ හිරිහැරයක් ඇති කිරීමේ අරමුණින් අඛණ්ඩව ඇමතුම් ලබා දෙන හෝ පණිවිඩ යවන, හෝ කැමැත්තෙන් තොරව වෙනත් ග්රාහකයන්ගේ අංක ප්‍රකාශයට පත් කරන ඕනෑම පුද්ගලයකු වරදක් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ඩිලාන් කුමාර පැහැදිලි කළේය.
එවැනි වරදකරුවන්ට රුපියල් 100,000 දක්වා දඩ මුදල් සහ ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් මාස හයකට නොවැඩි කාලයක් සඳහා සිර දඬුවමක් නියම කළ හැකි බව ඔහු සඳහන් කළේය.
එවැනි ඇමතුම් ලබා ගන්නා දුරකථන සම්බන්ධතාව විසන්ධි කිරීමට නීතිය මගින් බලධාරීන්ට බලය පවරන බව පොලිස් පරීක්ෂක කුමාර තවදුරටත් අවධාරණය කළේය.
පොලිස් පරීක්ෂක කුමාරට අනුව, මෙම විධිවිධාන අඛණ්ඩ ඇමතුම් සහ පණිවිඩ සඳහා පමණක් නොව, සමාජ මාධ්‍ය හෝ වෙනත් වේදිකාවල අවසරයකින් තොරව පුද්ගලයන්ගේ අංක බෙදා ගන්නා අවස්ථා සඳහා ද අදාළ වේ.
එවැනි හිරිහැරවලට ගොදුරු වූවන්ට සංශෝධිත පනත යටතේ නීතිමය සහන ලබා ගත හැකි බව ඔහු අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart