April 28, 2026

මොරවැව, යාය 6 ප්‍රදේශයේ වගා බිම් සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා නීති විරෝධී ලෙස සවි කර ඇති විදුලි රැහැනකින් විදුලි සැර වැදීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

මියගිය පුද්ගලයා මොරවැව ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි අයකු ලෙස හඳුනාගෙන තිබේ.

මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ වින්දිතයා විසින්ම අදාළ නීති විරෝධී විදුලි රැහැන සවි කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොරවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.