
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැගසින් බන්ධනාගාරයේදී 37 හැවිරිදි රැඳවියෙකු ඊයේ (27) සවස මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
සහකාර බන්ධනාගාර අධිකාරීවරයකුගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණය පවත්වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පැවසීය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරයේ ජේලර්වරයෙකු සහ නියාමකයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මැගසින් බන්ධනාගාරයේ ඊයේ (27) උදෑසන වාර්තා වූ මෙම සිද්ධියේ දී රැඳවියන් දෙදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරියකු තුවාල ලබා රෝහල් ගත කර තිබිණි.
තුවාල ලැබූ රැඳවියන්ගෙන් එක් අයෙකු පසුව මිය ගොස් තිබේ.
මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට අත්අඩංගුවේ පසුවූ රිමාන්ඩ් සිරකරුවකු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කළේය.
බන්ධනාගාර වාර්තා පවසන්නේ රැඳවියන් දෙදෙනෙකු ඔවුන්ගේ සිර මැදිරිවලින් පැන යෑමට උත්සාහ කර ඇති අතර, බන්ධනාගාර නිලධාරියකු එම පැන යෑම වැළැක්වීමට මැදිහත් වූ බවයි.
මෙම මැදිහත්වීම අතරතුර ඊට සම්බන්ධ වූ දෙපාර්ශ්වයම තුවාල ලබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, බොරැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart