
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නියඟයෙන් පීඩාවට පත් ගොවීන් වෙනුවෙන් සිය ඉල්ලීම සළකා බලා සමනල වැව සිට උඩවලව ජලාශය දක්වා ජලය මුදා හැරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයාට හා කැබිනට් මණ්ඩලයට ස්තුතිය පළකර ඇත.
විශේෂයෙන්ම ගොවීන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබදව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙලෙස සිය සතුට හා ස්තුතිය ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ගොවීන් වෙනුවෙන් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව හඩනැගූ සියලුදෙනාටම ස්තුති කරන බවද මන්ත්‍රීවරයා පවසයි.
නියගයෙන් පීඩාවට පත්ව තම වගාවන් හානි වූ ගොවීන්ටද සහන ලබාදීමට කටයුතු කරන ලෙසටත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
නියඟය පිළිබදව නිවැරැදි තක්සේරුවක් කර එයින් වන හානි අවම කර ගැනීමට හා නිසි කලමණාකාරීත්වයක් පවත්වාගෙන යෑමට කටයුතු කළයුතු බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙන්වාදෙන අතර ඒ සදහා අවශ්‍ය සහාය ලබාදීමට ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම හා තමා සූදානම් බවද ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart