April 28, 2026

ඊයේ (27) සවස ඇදහැලුණු අධික වර්ෂාව අතරතුර විජිතපුර ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් ගොවීන් දෙදෙනකු මියගිය බව පොලිසිය පවසයි.

වයස අවුරුදු 50 සහ 49 ක් වන මෙම පුද්ගලයන් දෙදෙනා විජිතපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

අකුණු සැර වැදීම සිදුවන විට මෙම දෙදෙනා කනක්කන්මඩුගම සහ පුලියන්කුලම යන ප්‍රදේශවල ඔවුන්ගේ කුඹුරුවල වැඩකරමින් සිටි බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

මියගිය එක් අයෙකුගේ මළසිරුර ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අනෙක් පුද්ගලයා කලවාව රෝහලේ තබා ඇති බව පොලිසිය පවසයි.

වැඩිදුර පරීක්ෂණ ඉපලෝගම පොලිසිය විසින් සිදුකරනු ලැබේ.