April 27, 2026

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කරන ලද වැටලීම්වලදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 302කට ආසන්න ප්‍රමාණයක් අදාළ අධිකරණ කටයුතු අවසන් වීමෙන් පසු අද දින විනාශ කිරීමට නියමිතය.

බලපිටිය සහ හලාවත මහේස්ත්‍රාත් අධිකරණ විසින් එම වැටලීම්වලට අදාළ නඩු මෑතකදී අවසන් කිරම හේතුවෙන් මත්ද්‍රව්‍ය විනාශ කිරීමට මග පෑදිණි.

මෙම තොගයට හෙරොයින් කිලෝග්‍රෑම් 22.888ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 33.172 ක් සහ ගංජා කිලෝග්‍රෑම් 247.940ක් ඇතුළත් වේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ ගබඩා කර තිබූ තොගය පුත්තලමෙහි වනාතවිල්ලුවේ ලැක්ටෝවත්ත දාහකයට ප්‍රවාහනය කිරීම අද උදෑසන ආරම්භ කළේය.