
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාලදිවයින් සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) හරහා අරාබි මුහුදට පිවිසෙන ශ්‍රී ලාංකික ධීවරයන්ගේ බහුදින යාත්‍රා මින් ඉදිරියට එම ජල ප්‍රදේශයට ඇතුළු වීමට පෙර බලපත්‍ර ලබා ගත යුතු බවට මාලේ රජය විසින් නව ක්‍රියාපටිපාටියක් හඳුන්වා දී තිබේ.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පවසන්නේ, එම ජල ප්‍රදේශය හරහා ගමන් කරන යාත්‍රා සම්බන්ධයෙන් මාලදිවයින් බලධාරීන් විසින් අනුගමනය කරන ලද රෙගුලාසියකට අනුව මෙම සතියේ නව ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක වූ බවයි.
“එහි නීති උල්ලංඝනය කරමින් මාලදිවයින් භෞමික ජලයට ඇතුළු වන යාත්‍රා මාලදිවයින් ආරක්ෂක හමුදා විසින් අත්අඩංගුවට ගනු ලබනවා. මේ ආකාරයෙන් අත්අඩංගුවට ගන්නා යාත්‍රා නිදහස් කිරීම සඳහා මාලදිවයින් බලධාරීන් විශාල දඩ මුදල් පනවනවා, මෙම ඉහළ දඩ මුදල් ගෙවීමට සිදුවීම යාත්‍රා හිමියන්ට දැරිය නොහැකි විශාල මූල්‍ය පාඩුවක්” යැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
අරාබි මුහුදට ඇතුළු වන විට සහ නැවත ගොඩබිමට පැමිණෙන විට නව නීති දැඩි ලෙස අනුගමනය කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
ඒ අනුව, යාත්‍රා හිමිකරුවන් විසින් මාලදිවයින් බලධාරීන්ට ඔවුන්ගේ භෞමික මුහුදු සීමාවට ඇතුළු වීමට අවම වශයෙන් පැය 96කට පෙර නියමිත අයදුම්පත පුරවා compliance@fisheries.gov.mv සහ maldivestansitdfar@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපින දෙකකට දැනුම් දිය යුතුය.
මාලදිවයන් ධීවර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, අයදුම්පත සමඟ යාත්‍රාවේ ලියාපදිංචි සහතිකය, පිටත්වීමේ පෝරමය, කාර්ය මණ්ඩල විස්තර, යාත්‍රාවේ ඡායාරූපයක් සහ ඇතුල්වීමේ සහ පිටවීමේ ස්ථාන සහිත දළ සිතියමක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart