
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ විමර්ශනයට ඇතැම් හමුදා නිලධාරීන් බාධා කළ බවට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙම සතියේ විවෘත අධිකරණයේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් ඔහුට අප්‍රසාදය පළ කර තිබේ.
යුද හමුදා නීති අංශයේ නිලධාරියකු වන ඔහු පළමුව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා හමුවී තමාට ඔහු සමග කතා බහ කිරීමට කැමති බව දැනුම් දුන් බව වාර්තා වේ.
ඒ අනුව දුරකථනයෙන් පැවැත්වූ එම සංවාදය මුලින් සුහදශීලී වූ නමුත් පාස්කු ප්‍රහාර පිළිබඳ විමර්ශන සඳහා හමුදාව සහාය නොදක්වන බව පවසමින් අධිකරණයේදී කළ ප්‍රකාශ මගින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා හමුදාව අපහසුතාවට පත් කළ බව නිලධාරියා ප්‍රකාශ කිරීමත් සමග උණුසුම් වී තිබේ.
හමුදාව විමර්ශනයට සහාය දුන් බවට නිලධාරියා තර්ක කළද, එය එසේ නොවන බව පවසමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රතිචාර දක්වා ඇත.
එක් අවස්ථාවක දී, අධිකරණයේදී එවැනි ප්‍රකාශ කිරීම අඛණ්ඩව සිදුකළහොත් ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් හමුදාවට ‘ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට’ සිදුවිය හැකි බව නිලධාරියා අතිරේක සොලිසිටර් ජනරාල් පීරිස්ට පැවසූ බවට චෝදනා එල්ල වේ.
ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට නීතිමය සහාය ලබා ගැනීම සඳහා හමුදා බුද්ධි අංශ අරමුදල් ලබා දී ඇති බවට අතිරේක සොලිසිටර් ජනරාල් පීරිස් චෝදනා කර ඇති අතර, එය නිවැරදි නොවන බව හමුදා නිලධාරියා අවධාරණය කර ඇත.
ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණවලට සහාය වීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිකරණයට දැනුම්දීමට අදහස් කරන බවත්, ඔවුන් අධිකරණයට කැඳවන බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියා හමුදා නිලධාරියාට පවසා තිබිණි.
හමුදා නිලධාරියා සහ අතිරේක සොලිසිටර් ජනරාල් පීරිස් අතර සංවාදය සම්බන්ධයෙන් නීතිපති පාරින්ද රණසිංහ දැනුවත් බව ද දැනගන්නට ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart