
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වී සයිබර් අපරාධකරුවන් විසින් සිදු කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සොරකම් කිරීම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) අවධානයට ලක්ව ඇති අතර, තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරන බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කර තිබේ.
මෙරට දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ ඔවුන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි.
“විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිවලට අනවසරයෙන් ප්‍රවේශ වීම තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය නිකුත් කළ ප්‍රකාශය අපි දන්නවා. මෙම වැදගත් වර්ධනය අපි සැළකිල්ලට ගන්නා අතර තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා,” යනුවෙන් එම ප්‍රකාශකයා පවසා ඇත.
මෙම අරමුදල් ඕස්ට්‍රේලියාවට ණය ආපසු ගෙවීම සඳහා තිබූ අරමුදල්ය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකින් පසු ශ්‍රී ලංකාව 2022 දී එහි දරුණුතම ආර්ථික අර්බුදයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටී.
ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 46ක ණය ගෙවීම පැහැර හැර ඇත.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ඒකාබද්ධ පස්වැනි සහ හයවැනි සමාලෝචන අවසන් කිරීම සඳහා එම අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ.
සමාලෝචනය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කරන ලද පසු, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700ක පමණ මූල්‍යකරණයක් ලබා ගැනීමට ප්‍රවේශය ලැබෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart