April 25, 2026

ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත එළැඹෙන මැයි පළමුවැනිදා සිට භාවිතයට එක්කෙරෙන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එය ජාතික ඩිජිටල්කරණය ඉදිරියට ගෙනයෑම සහ මහජන ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන විශාල පියවරක් බව අමාත්‍යංශය පවසයි.

භෞතික ප්ලාස්ටික් කාඩ්පත් වෙනුවට මෙලෙස ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ප්‍රතිස්ථාපනය කිරීමෙන්, එය රට පුරා පාරිසරික තිරසාරභාවයටද දායකත්වය ලබාදෙනු ඇති.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමග සහයෝගයෙන්, ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත නිල වශයෙන් එළිදැක්වූ බවද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.