
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සයිබර් හැකවව්රුන්ට මුදල් ගෙවීමේ ගනුදෙනු සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන්නේදැයි ඊයේ (23දා) දහවල් මුදල් අමාත්‍යාංශයේ පැවැති ජනමාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය විසින් ඇසූ ප්‍රශ්නයට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචායර් හෂර්ණ සූරියප්පෙරුම නිශ්චිත පිළිතුරක් ලබාදීමෙන් වැළකී සිටියේය.
ඒ වෙනුවට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පිළිතුරු දෙමින් සඳහන් කළේ, නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් ගන්නා තීරණවලට අනුගතව කටයුතු කිරීමට රාජ්‍ය නිලධාරීන් ලෙස සියලුදෙනා බැඳීසිටින බවයි.
එසේම ප්‍රශ්නගත ගනුදෙනු සඳහා “ඔබ අනුමැතිය ලබාදුන්නාදැ”යි එහිදී ඇසූ ප්‍රශ්නයට ද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කිසිදු පිළිතුරක් ලබානුදුන්නේය.
රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩුදී ඇති මේ මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති ගනුදෙනු පිළිබඳව දීඝර් කරුණු පැහැදිලි කිරීමක් කළ මුදල් අමාත්‍යංශ ලේකම් ආචායර් හෂර්ණ සූරියප්පෙරුම අවධාරණය කළේ අදාළ සයිබර් අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සහ ගෙවීම් සිදුකර ඇති අදාළ මුදල් ප්‍රමාණයෙන් හැකි තරම් ප්‍රමාණයක් නැවත ලබාගැනීම බවයි.
මේ මුදල් ප්‍රමාණය නැවත ලබාගැනීමට නොහැකි වුවහොත් ඒ සඳහා වගකියන්නේ කවුදැයි යනුවෙන් අසූ තවත් ප්‍රශ්නයක් විමසා සිටි අතර එහිදී ලේකම්වරයා කියා සිටියේ “සමස්තයම ගන්න පුළුවන්ද? කොටසක් ලබාගන්න පුළුවන්ද?” යන්න දැනගැනීමට ලැබෙනු ඇත්තේ නීතිමය ක්‍රියාවලිය තුළින් බවයි.
එහිදී යම් අලාභයක් සිදුවුවහොත් ඊට ගන්නා පිළියම ඉදිරි පරීක්‍ෂණවලින් ලබාගන්නා තොරතුරුවලින් තීරණය කිරීමට සිදුවනු ඇති බවද හෙතෙම පැවැසීය.
දැනට සිදුකරන ලද අභ්‍යන්තර පරීක්‍ෂණවලට අනුව නිලධාරීන් කිහිපදෙනකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාගර් ගෙන ඇති බවත් ඉදිරි පරීක්ෂණවලට සහාය ලබාදීම සඳහා ඇතැම් තොරතුරු අනාවරණය කළ නොහැකි බවත් ආචායර් සූරියප්පෙරුම කීවේය.
මේ සිදුවීම් පිළිබඳ මුදල් අමාත්‍යංශයට දැනගැනීමට ලැබුණේ 2026 ජනවාරි මාසයේදී බවත්, ඉන් පසු ඇතිවූ සැකය මත පසුගිය ගනුදෙනු පරීක්ෂා කිරීමේදී අදාළ ගෙවීම් සයිබර් අපරාධකරුවන් අතට පත්වී ඇති බවට දැනගැනීමට ලැබුණු බවත් සඳහන් කළ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා තවදුරටත් කීවේ, ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 යනු තනි ගනුදෙනුවක් නොව ගනුදෙනු කීපයක් බවයි.
(උපුටාගැනීම – දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart