
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ කොටුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අඩි 20 ක් පමණ උසැති මාර්ග සංඥා කුළුණ මත නැඟ පැයකට අධික කාලයක කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයා ගෙළට දමාගත් තොණ්ඩුව කැඩි ජම්පින් මෙට්ටය මතට වැටීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිඔට ප්‍රදේශයේ පදිංචි බව කියන වයස අවුරුදු 35 ක පමණ පුද්ගලයෙකි.
සැකකාර පුද්ගලයා ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට කොළඹින් පිටතට වාහන යන පෙදෙසේ මාර්ග සංඥා කුළුණු මත නැග ” බන්ධනයක් තියෙනවා ඒක කපා ගන්නත් ඕනේ” “ජනාධිපතිතුමා හමුවන්නත් ඕනේ” යැයි පවසමින් රැඳීසිට ඇති අතර, එම ස්ථානයට පැමිණි කොටුව පොලිසියේ නිලධාරීන් එම පුද්ගලයාට එම ස්ථානයෙන් බහින ලෙස පැවසුවත් ඔහු එය තදින් ප්‍රතික්ෂේප කර තිබූ බව පොලිසිය කියයි.
ඔහු සන්තකයේ ඒ වන විට චීත්ත රෙද්දකින් සාදාගත් තොණ්ඩුවක එක කොටසක් මාර්ග සංඥා කුළුණේ උඩ කොටසේ ගැටගසා තිබී ඇති අතර, තමන්ව එම ස්ථානයෙන් බලහත්කාරයෙන් බැස්සවීමට කටයුතු කළොත් තොණ්ඩුව ගෙළට දමාගෙන මියයන බවත් තර්ජනය කරමින් පැයකට අධික කාලයක් සංඥා කුළුණු මත රැඳී සිටි බව පොලිසිය සඳහන් කරයි.
අනතුරුව කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ දිගුකළ හැකි ඉනිමන් රථයක් සහ ජම්පින් මෙට්ටයක් එම ස්ථානයට ගෙන්වා, එම පුද්ගලයා රැඳී සිටි ස්ථානයට පහළින් එම ජම්පින් මෙට්ටය අතුරා ඔහු පහළට ගැනීම සඳහා දිගුකළ හැකි ඉනිමග රථයේ උඩට එසවීමේදී එම පුද්ගලයා එකවරම අත රැදි තොණ්ඩුව ගෙළට දමාගෙන සංඥා කුළුණෙන් පැනිමත් සමගම තොණ්ඩුව කැඩී ජම්පින් මෙට්ටට මතට වැටුණු බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී එම පුද්ගලයා “අනේ ගහන්න එපා” යැයි පවසමින් මරලතෝනි දෙන්නට වූ බව සිද්ධිය ඇසුණු දුටුවෝ පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart