
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහා භාණ්ඩාගාරයේ සන්නිවේදන පද්ධතිය හැක්කර ඕස්ට්‍රේලියාවට ගෙවීමට අදාළ මුදල් කොල්ලකෑමට අමතරව, ඉන්දියාවට ගෙවිය යුතු මුදලක් සම්බන්ධයෙන් ද මෙවැනිම ආකාරයේ උත්සාහයක් හැකර්වරුන් විසින් දරා ඇති බව කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු අනාවරණය කළේය.
මහා භාණ්ඩාගාරය සහ විදේශීය මූල්‍ය ආයතන අතර සිදු වන සන්නිවේදන කටයුතුවලට බාධා කරමින්, හැකර්වරුන් පිරිසක් විසින් සිදුකරන ලද මූල්‍ය අපරාධයක් පිළිබඳව රජයේ නිල ස්ථාවරය පැහැදිලි කිරීමට කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පෙරේදා (22) කටයුතු කළේය.
නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වාදුන්නේ, මෙම අපරාධය සිදුව ඇත්තේ මහා භාණ්ඩාගාරය සහ ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනය (Export Finance Australia) අතර ඊමේල් (Email) පණිවිඩ හරහා තොරතුරු හුවමාරු කරගන්නා යාන්ත්‍රණය හැක් කිරීම මඟිනි.
ණය පියවීමේ කටයුතු සඳහා අදාළ ආයතනයට ලැබිය යුතු මුදල්, හැකර්වරුන් විසින් ඔවුන්ගේ ගිණුම්වලට බැර කරවාගෙන ඇති බව මෙහිදී අනාවරණය විය.
රටේ මූල්‍ය ආරක්ෂාව බිඳ වැටී ඇති බවටත්, ආණ්ඩුවේ හිතවතුන්ගේ ගිණුම්වලට මුදල් දමාගෙන ඇති බවටත් විපක්ෂය නඟන චෝදනා පදනම් විරහිත බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඇමතිවරයාට අනුව, ඕස්ට්‍රේලියාවට අදාළ ගෙවීමට අමතරව, ඉන්දියාවට ගෙවිය යුතු මුදලක් සම්බන්ධයෙන් ද මෙවැනිම ආකාරයේ උත්සාහයක් හැකර්වරුන් විසින් දරා තිබේ.
කෙසේවෙතත්, ගිණුම් අංක වෙනස් වී ඇති බව භාණ්ඩාගාර නිලධාරීන් වහාම හඳුනාගැනීම නිසා එම වංචාව වැළකී ගොස් ඇත.
සිද්ධිය අනාවරණය වූ වහාම ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) දැනුවත් කර දීර්ඝ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙයට අමතරව, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් දෙදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මඟින් අභ්‍යන්තර පරීක්ෂණයක් ද පවත්වා ඇත. එහි නිර්දේශ මත, අදාළ ගනුදෙනුවලදී වගකීම් පැහැර හැර ඇති නිලධාරීන්ට එරෙහිව මේ වන විටත් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම විමර්ශන කටයුතු අඛණ්ඩව සහ වේගයෙන් සිදු කිරීමට අවශ්‍ය උපදෙස් භාණ්ඩාගාරයට ලබා දී ඇත. මෙහිදී අමාත්‍යවරයා ජනමාධ්‍ය වෙත විශේෂ ඉල්ලීමක් ද කළේය.
මෙවැනි සංවේදී තොරතුරු අනවශ්‍ය ලෙස ප්‍රසිද්ධ කිරීම මඟින් අපරාධකරුවන්ට සැඟවීමට අවස්ථාව ලැබෙන බවත්, එය වක්‍රාකාරයෙන් ඔවුන්ට කරන උදවුවක් විය හැකි බවත් ඔහු පෙන්වාදුන්නේය.
රජයේ මූලික අරමුණ වන්නේ ප්‍රදර්ශන පැවැත්වීම නොව, අදාළ හැකර්වරුන් අල්ලා ගැනීම සහ අහිමි වූ මුදල් නැවත අය කරගැනීම බව ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart