April 22, 2026

කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට රත්නපුර දක්වා දීර්ඝ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනය හා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම සඳහා වන උපදේශන සේවාව ලබාගැනීමට රජය රුපියල් මිලියන 356.22ක මුදලක් වෙන්කර ඇත.

ඊට අදාළව කැබිනට් මණ්ඩලය සම්මත කළ යෝජනාව පහතින් දැක්වේ.

‘කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට රත්නපුර දක්වා දීර්ඝ කිරීම පිණිස ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා සහ සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම සඳහා 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ සඳහා අභිලාෂ කැඳවීම ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ සිදු කරනු ලැබ ඇති අතර, ලංසුකරුවන් 08දෙනෙකු අභිලාෂ ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ අතරින් කෙටි ලැයිස්තුගත කරනු ලැබූ ලංසුකරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබූ තාක්ෂණික යෝජනා ඇගයීමෙන් අනතුරුව සුදුසුකම් ලබා ඇති ආයතන 04ක මූල්‍ය යෝජනා විවෘත කර ඇත. එකී මූල්‍ය යෝජනා ඇගයීමෙන් අනතුරුව කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට රත්නපුර දක්වා දීර්ඝ කිරීම පිණිස ශක්‍යතා අධ්‍යයනය හා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම සඳහා වන උපදේශන සේවා කොන්ත්‍රාත්තුව M/s. Resources Development Consultants (Pvt) Ltd වෙත රුපියල් මිලියන 356.22ක (බදු රහිත) මුළු මුදලකට ප්‍රදානය කිරීම උපදේශක ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, එකී නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’