April 22, 2026

ශ්‍රී  ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඉරාජ් චමින්ද පතිරාජ ආගමන හා විගමන පාලක ජෙනරාල් තනතුරට පූර්ණ කාලීනව වැඩබලන පදනමක් මත පත්කිරීම සඳහා කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.

ඊට අදාළ කැබිනට් තීරණය පහතින් දැක්වේ.

‘ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ පූර්ණකාලීනව වැඩබැලීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඉරාජ් චමින්ද පතිරාජ මහතා පත් කිරීම පිණිස 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ මහතා ස්ථිර පදනමින් ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරට පත් කිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’