April 22, 2026

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අඟහරුවාදා (21) දින වීසා කාලය ඉක්මවා රැඳීසිටි විදේශිකයන් පනස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර චීන ජාතිකයන් 47 දෙනකු, මැලේසියානු ජාතිකයන් දෙදෙනකු සහ එක් ඉන්දියානු ජාතිකයකු සිටින බව වාර්තා වේ.

ඔවුන් ව්‍යාපාරික වීසා මත මෙරටට ඇතුළු වී ඔවුන්ගේ වීසා කාලය ඉකුත් වූ පසුද ශ්‍රී ලංකාවේ රැඳී සිට තිබේ.

ආගමන හා විගමන පාලක ජනරාල්වරයාගේ උපදෙස් පරිදි දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරක් මත මීගමුව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

සැකකරුවන් දැනට වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින අතර ඔවුන් පිටුවහල් කිරීමට අපේක්ෂා කෙරේ.