
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා රේගුව විසින් ශ්‍රී ලාංකික දමිළ ලේඛක දීපචෙල්වන්ගේ රඳවා තබාගෙන ඇති කෘති හතරෙන් දෙකක් නිදහස් කිරීමටත්, අනෙක් කෘති දෙක නිදහස් නොකිරීමටත් තීරණය කර ඇත.
මෙම තීරණය සම්බන්ධයෙන් ආචාර්ය විරංජන හේරත් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන පහතින් දැක්වේ.
‘රදවාගෙන ඇති දෙමළ ලේඛක දීපචෙල්වන්ගේ නවකතා දෙක නිදහස් කිරීමටත් සෙසු කෘති දෙක සම්මුඛ සාකච්ඡා සහ ලිපි ඇතුළත් කෘති දෙක නිදහස් නොකිරීමටත් තීරණය කළ බව රේගුව විසින් අදාළ කෘති ආනයනකරුට දැනුම් දී තිබේ.
දීපචෙල්වන් ලේඛකයාට ද පිටපතක් සහිතව රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගේ නිකුත් කළ ලිපියක් මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික අමාතංශයට සම්බන්ධ ජාතික කලා මණ්ඩලයේ සාහිත්‍ය අනුමණ්ඩලය විසින් නිකුත් කරන ලද නිර්දේශ මත පදනම්ව අදාළ කෘති දෙකක් නිදහස් නොකරන බවයි.
රේගුවේ මෙම තීරණයත් සමග මෙරට සාහිත්‍ය, කලා සහ භාෂණයේ සහ ප්රකාශනයේ නිදහසට අදාළ බරපතල සහ භයානක ගැටලු කිහිපයක් මතුවේ.
1. රේගුව මුලින් සදහන් කළේ අදාළ කෘති දණ්ඩ නීති සංග්‍රහයේ 120 හි දැක්වෙන රාජද්රෝහීවීමේ වරදට ඇතුළත් වන බවට වන සැකය මත ඒ කෘති පිළිබද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් නිර්දේශ වාර්තාවක් කැදවා ඇති බවයි.
2. කෙසේවෙතත් සිය තීරණය දැනුම් දෙමින් රේගුව නිකුත් කර ඇති ලිපියේ දැක්වෙන්නේ කලා මණ්ඩලය සහ සාහිත්‍ය අනුමණ්ඩලයේ වාර්තාව ඒ සදහා පදනම් කරගත් බවයි.
3. රේගුව විසින් මේ පිළිබද සංස්කෘතික අමාත්‍යංශයෙන්, කලා මණ්ඩලය සහ සාහිත්‍ය අනුමණ්ඩලයේ වාර්තා කැදවීමක් සිදුනොකළ පසුබිමක ඒ පිළිබද නැති බලයක් ආරෝපණය කර ගෙන වාර්තා ලබාදීමට, දේශපාලන පත්වීම් ලබා ඇති කලා මණ්ඩලයේ සහ සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයන්ට ඇති නෛතික, සහ සදාචාරාත්මක අයිතිය කුමක්ද?
4. රදවා ගැනීමට තිරණය කර ඇති කෘති දෙක දීපචෙල්වන්ගේ සම්මුඛ සාකච්ඡා සහ ලිපි ඇතුළත් ප්‍රබන්ධ නොවන කෘති දෙකකි. එවැනි කෘති දෙකක් දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියට යටතේ වන වරදකට සම්බන්ධ බවට තීරණය කිරීමට තරම් විශේෂඥ නෛතික දැනුමක් දේශපාලන පත්වීම් ලබා සිටින කලා මණ්ඩලයේ සහ සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයන්ට පවතීද ?
5. මෙම සමස්ත ක්‍රියාවලිය තුළම දේශපාලන පත්වීම් ලබා සිටින කලා මණ්ඩලයේ සහ සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයන් සිදුකරමින් සිටින්නේ තමන්ට නැති අයිතියක් බලහත්කාරයෙන් ලබාගෙන තමන් විසින් තම හිතුමතයට භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස සීමා මායිම් මැන දැක්වීම නොවේ ද?
6. සාහිත්‍ය හා කලාව පෝෂණය කිරීම සදහා පත්කර ඇති බව කියන කලා මණ්ඩලයේ සහ සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයන් නැති බලතල ආරෝපණය කරගෙන මේ සිදුකරමින් සිටින්නේ, තම සීමා මායිම් ඉක්මවා යමින් තමන්ට අවශය දේ පමණක් සමාජගත කිරීමටත් තමන් අනවශය යැයි සිතන අදහස් සමාජගතවීම වැළැක්වීමෙත් කලා පොලිසියක භූමිකාවක් ඉටු කිරීම නොවන්නේද?’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart