
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජන බැංකුව, ලංකා බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ලාභ 2025 වසරේ වාර්තා කර තිබේ.
මහජන බැංකුව සිය ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ලාභයත්, ලංකා බැංකුව වසර 87ක ඉතිහාසයේ වැඩිම ලාභයත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සියලු බදුවලට පෙර බිලියන 59ක ඉහළම ලාභයත් මේ අනුව 2025 වසරේ වාර්තා කර තිබෙන බව බැංකු සභාපතිවරු පැවසූහ.
මහජන බැංකුවේ, ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2025 වාර්ෂික වාර්තා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ජනාධිපති කාර්යාලයේදී ඊයේ (20) පස්වරුවේ පිළිගන්වමින් බැංකු සභාපතිවරු මේ බව ප්‍රකාශ කළහ.
එහිදී අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සඳහන් කළේ බැංකුව ලද ලාභය බදු අය කිරීමට පෙර බිලියන 64.4ක් වන අතර බදු අයකිරීමෙන් පසු බිලියන 40ක් බවයි.
මේ අතර ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා පෙන්වාදුන්නේ සියලු බදුවලට පෙර බිලියන 120.8ක ලාභයක් තම බැංකුව හිමිකර ගත් බවයි. බදු වශයෙන් බිලියන 77ක මුදලක් රජයට ගෙවා ඇති බවද ඔහු පෙන්වාදුන්නේය.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් මෙහිදී පෙන්වාදුන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලාභාංශ ලෙස මහා භාණ්ඩාගාරයට බිලියන 6ක් ලබාදී ඇති බවය.
රජයේ ප්රතිපත්තීන් සමඟ ඉතා සැලසුම් සහගතව සහ ඉහළ මූල්‍ය විනයකින් කටයුතු කිරීම හේතුවෙන් මෙම ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වූ බව මෙහිදී පෙන්වාදුන් බැංකු ප්‍රධානීහු ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩල වෙතින් ලැබුණු සුවිශේෂී සහායද සිහිපත් කර සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart