April 21, 2026

පාස්කු ඉරිදා ප්‍රහාරයේ හත්වැනි සංවත්සරය සනිටුහන් කරමින් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන දේව මෙහෙයක් හේතුවෙන් අඟහරුවාදා (21) කොච්චිකඩේ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කර ඇත.

දේව මෙහෙය අවසන් වන තෙක් පෙ.ව. 7.00 සිට දේවස්ථානය අවට මාර්ගවල රථවාහන සීමා පැනවෙන අතර, තත්ත්වය අනුව ආරක්ෂක පියවර නියාමනය කෙරේ.