April 20, 2026

ඉරානය එක්සත් ජනපදය සමඟ දෙවැනි වටයේ සාකච්ඡා සඳහා සහභාගී වේද යන්න තවමත් තීරණය කර නොමැති බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පවසයි.

‘‘මේ වන විට… ඊළඟ වටයේ සාකච්ඡා සඳහා අපට කිසිදු සැලසුමක් නැහැ, මේ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැහැ,’’ යනුවෙන් ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගයි සඳහන් කළ බව AFP ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

සඳුදා සවස පැවැත්වීමට නියමිත සාකච්ඡා සඳහා උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්ගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් පාකිස්ථානයට යවන බව ජනාධිපති ට්‍රම්ප් පවසා තිබේ.

ට්‍රම්ප්ගේ මැද පෙරදිග නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ බෑණා වන ජැරඩ් කුෂ්නර් ද එම සාකච්ඡා සඳහා සහභාගී වීමට නියමිතව සිටියහ.

‘‘ඊනියා නාවික අවහිර කිරීම අඛණ්ඩව පවත්වාගෙන යෑම, සටන් විරාමය උල්ලංඝනය කිරීම සහ එක්සත් ජනපද වාචාලකමට තර්ජනය කිරීම’’ හේතුවෙන් නිලධාරීන්ට සහභාගී වීමට කිසිදු සැලසුමක් නොමැති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ඉරිදා වාර්තා කළේය.