April 19, 2026

බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් 23 හැවිරිදි රුසියානු ජාතික තරුණියක මිය ගොස් තිබේ.

අද (19) උදෑසන කබලාන දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත.

සිද්ධිය වන අවස්ථාවේ කාන්තාව විදුලි ස්කූටරයක ගමන් කරමින් සිටි බව වාර්තා සඳහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියාත්මකව පැවති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.