
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමාගේ ළැම ප්‍රදේශය ස්පර්ශ කළ නිසා නහරයක් පුපුරා ගොස් ශල්‍යකර්මයක් කිරීමට සිදුවූ බව පවසමින් පුද්ගලයකු බියවද්දා කප්පම් මුදල් ලබාගත් කාන්තාවක් ඇතුළු තිදෙනකු නිට්ටඹුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
67 හැවිරිදි විශ්‍රාමික දිවියක් ගත කරන පුද්ගලයෙක් සිය නීත්‍යනුකූල බිරිඳගෙන් වෙන් වී ඇති නැවත විවාහයක් කර ගැනීමට පුවත්පතක මංගල යෝජනාවක් පළකර ඇත.
එම දැන්වීම හරහා හඳුනාගත් ගන්නෝරුව ප්‍රදේශයේ කාන්තාවක් හමුවීමට නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි මෙම ව්‍යාපාරිකයා ගන්නෝරුවට ගොස් තිබේ.
අවස්ථා දෙකකදී ගන්නොරුව ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ නිවසට ගිය පුද්ගලයා ඇයව සිපගෙන ළැම ප්‍රදේශයේ ස්පර්ශ කර ඇතැයි පොලිසිය පවසයි.
අනතුරුව ඔහු නිට්ටඹුවේ සිය නිවසට පැමිනීමෙන් දින කිහිපයක් ගත වූ පසු අදාළ කාන්තාව සිය ළැම ප්‍රදේශය ස්පර්ශ කිරීම නිසා නහරයක් පුපුරා ගොස් ඇති බව පවසා එයට ශල්‍යකර්මයක් සිදුකළ බව කියමින් කප්පම් මුදල් ලක්ෂ 30 ක් ඉල්ලා තිබෙන අතර එම මුදල නොදුනහොත් ලිංගික අතවරයක් සිදු කළ බව පවසමින් පැමිණිල්ලක් දමා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කර තිබේ.
එම තර්ජනයට බිය වූ විශ්‍රාමික පුද්ගලයා රුපියල් ලක්ෂ 30ක් ඇයගේ ගිණුමට බැරකර ඇති බව පොලිසිය පවසයි.
දෙවැනි වරටත් ඇය විසින් මෙම පුද්ගලයා බිය ගන්වා රුපියල් ලක්ෂ 39 ක මුදලක් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.
තෙවැනි වරටත් කාන්තාව විසින් ලක්ෂ 25 ක මුදලක් ලබාදෙන ලෙස දන්වා ඇති අතර නොදුනහොත් මරණ බවට ද තර්ජනය කර තිබේ.
එම තර්ජනයෙන් බේරීම සඳහා විශ්‍රාමික පුද්ගලයා නිට්ටඹුව පොලිසිය හමුවේ තමාට වූ අකරතැබ්බය සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව පැවැසේ.
නිට්ටඹු පොලිසියේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකර කප්පම් මුදල් ලබාගත් කාන්තාව සහ එයට ආධාර අනුබල දුන් එම කාන්තාවගේ බෑණා සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අද(07) ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart