April 18, 2026

හිටපු ගාලු දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ගාලු දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති සම්පත් අතුකෝරළ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

සම්පත් අතුකෝරළ මේ තියුණු ආයුධ ප්‍රහාරයට ලක් වී ඇත්තේ පිටිගල බඹරවාන උස්බිම් ජනපදය ප්‍රදේශයේ දී බව ද පොලිසිය කියයි.

හිටපු මන්ත්‍රීවරයා තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු අද(18) පස්වරුවේදී ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පෞද්ගලික ආරවුලක් මත හිටපු මන්තීවරයාට මේ තියුණු ආයුධ ප්‍රහාරය එල්ලවී ඇති බව වාර්තා වේ.